Saturday, August 3, 2013

Investigation

විමර්ශන ඉගෙනුම් පිවිසුම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

විමර්ශන පදනම් වු ඉගෙනීම යනු, ඉලක්ක කරන ලද ප‍්‍රශ්න, ගැටලූ විසදීමේ ක‍්‍රියාකාරකම් හා විවේචනාත්මක චින්තනය ඉලක්ක කරන ලද සිසුන් සම්බන්ධ කර ගනිමින් ඉගෙනීමට මං පාදන ශිල්පීය ක‍්‍රමයකි. විමර්ශන පදනම් වු ඉගෙනීමට මුලික වු දර්ශනයේ පුර්වාංග සැකසී ඇත්තේ පියාජේ, පර්කින්ස්, ඩුවි හා ෆෙයර් සහ තවත් න්‍යායවාදීන් කිහිපදෙනෙකුගේ අදහස් මතය. එය ව්‍යුහගත, ක‍්‍රමවත් පරික්ෂණ සංසිද්ධි විද්‍යාත්මක ක‍්‍රම තුළින් ආරම්භ වුවකි. ඉගෙනීම හා ඉගැන්වීමට සම්බන්ධ කළ විට පෙනෙනුයේ එය තොරතුරු සකස් කරන ආකෘතියක් බවයි. එමගින් සිසුන්ට ලබා ගන්නා ලද නව දැනුම ප‍්‍රත්‍යවේක්ෂණය කිරිම හෝ පියවර කිහිපයක් ඔස්සේ නිගමනයන්ට ළගා වීමට උදව් කරන තොරතුරු වල අර්ථය හා අදාළත්වය සෙවීම වශයෙන් හැදින්විය හැකිය. සාමාන්‍යයෙන් කුතුහලය, අගයයන් , පර්යාලෝක හා අත්දැකිම්වලින් උත්පාදනය කරන ලද ප‍්‍රශ්න ඔස්සේ ක‍්‍රියාත්මක වන විමර්ශනය පදනම් වු ඉගෙනුම් ක‍්‍රියාවලිය විනෝදජනක එකක් බව උපකල්පනය කරනු ලැෙබි. මේ හේතුව නිසා ඉගෙනුම් ලබන්නාට ඉගෙනීම අර්ථවත් දෙයක් බවට පත්වේ.

විමර්ශන පදනම් වු ඉගෙනුම් ව්‍යුහය

ගැටලූ ප‍්‍රකාශනය - පරික්ෂණයක් කරනුයේ කුමකට ද යන්න තීරණය කොට ප‍්‍රශ්න හෝ කල්පිත නිර්මාණය කිරිම
දත්ත එකතු කිරිම - යෝග්‍ය මූලාශ‍්‍ර මගින් මාතෘකාවට අදාළ තොරතුරු හැකි තරම් එකතු කිරිම
විශ්ලේෂණය - සොයා ගත් දේ විමර්ශනය කරමින් සාකචිජා කොට පැහැදිලි කිරිම් ලබා දීම
නිගමනය - විශ්ලේෂණය පදනම් කොට ඉදිරිපත් කරන ලද ගැටලූ ප‍්‍රකාශනයට අදාළ විසදුම් ඉදිරිපත් කිරිම

විමර්ශන පදනම් වු ඉගෙනුම් ක‍්‍රියාමාර්ගය

x විමර්ශනයක පළමු පියවර වන්නේ විමර්ශනයට යොමු වී ඇති මාතෘකාවට අදාළ ප‍්‍රශ්නයක් හෝ ප‍්‍රශ්න සැකසීම. සිසුන්ට හෝ ගුරුවරයාට ප‍්‍රශ්න ඉදිරිපත් කිරිම.
x ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළ පසු ගුරුවරයා ඉදිරිපත් කර ඇති මූලාශ‍්‍රවලින් හෝ අපහසුවකින් තොරව ළමයින්ට ලබා ගතහැකි ඉගෙනුම් සම්පත් හෝ මෙවලම්වලින් තොරතුරු රැුස් කරමින් ගවේෂණයට සිසුන් උනන්දු කිරිම.
x ගවේෂණයට යොමුවු මාතෘකාවට අදාළ ප‍්‍රමාණවත් තොරතුරු රැුස් කළ විට, වැදගත් කරුණු සාරාංශ කර මතු කර දක්වමින්, ඒවා ප‍්‍රවර්ගවලට පාත‍්‍ර කරනු ලැෙබි. මේ මගින් පුර්ව ඉගෙනුම හා නව ඉගෙනුම අතර සබදතා ගොඩනගා ගැනිමට සිසුන්ට ආධාර කිරිම.
x වැටිපුර අවබෝධය සදහා තොරතුරු සාකචිජා කොට විශ්ලේෂණය කරනු ලැෙබි. ගුරුවරයාට සාකචිජාව මෙහෙය විය හැකි අතර, පරික්ෂණයෙන් මතුවන ලද කරුණු හුවා දක්වමින් එය ගැටලූව විසදීමට බලපාන අන්දම පෙන්වා දිම.
x නිගමනවලට ළගා වී ඒවා ප‍්‍රශ්නයට අදාළ කරනු ලැෙබි. ශිෂ්‍ය ප‍්‍රත්‍යවේක්ෂණ උනන්දු කරවන අතර, ඒවා පරික්ෂණ මෙහෙය වු අන්දමත්, නිගමනවලට ළගා වු අන්දමත් පෙන්විමට උදව් කරනු ලැෙබි. මේ මගින් ආකෘතිය ස්ථම්භනය කරන අතර, ඕනෑම ගැටලූ විසදන අවස්ථාවක මෙය භාවිත කිරිමට එමගින් සිසන්ට හැකියාව ලබා දිම.

විමර්ශන පදනම් වු ඉගෙනුමේ වාසි

x සිසුන් අතර සහයෝගීතාව වර්ධනය විම
x විනෝදජනක ඉගෙනුමක් විම
x ඉගෙනුම් ඉලක්ක ඉතා විශේෂිත විම
x සිසුන්ගේ කුසලතා සංවර්ධනය විම
x අන්‍යොන්‍ය වගකීම තහවුරු කිරිමට ආධාර විම
x කණ්ඩායම් අදහස් හා අත්දැකිම් ඒකරාශි කිරිම
x විශ්ලේෂණ හා ගැටලූ විසදීමේ කුසලතා සංවර්ධනය විම
x සංකිර්ණ ප‍්‍රශ්නවලට විසදුම් සෙවිම සදහා ගවේෂණයෙහි යෙදීම
x සිසුන්ට නව දැනුම හා කුසලතා භාවිතා කිරිමට ඉඩ සැලසීම

විමර්ශන පදනම් වු ඉගෙනුමේ අවාසි

x පාඩමට සුදානම් විම සදහා වැඩි කාලයක් ගතවීම
x සම්පුර්ණ කාලය තුළම සිසුන්ට මග පෙන්වමින් පුර්ණ අවබෝධයක් ලබා දීමට සිදුවිම
x ඉගෙනුම සැලසුම් කිරිම අපහසුය
x සෑම විෂයයකටම නොගැලපීම
x පාඩම සැලසුම් කිරිමට ගුරුවරයාට සුවිශේෂි හැකියාවක් තිබිය යුතු විම
x සම්පත් අවශ්‍ය විම
x ඉගෙනුම් ක‍්‍රියාවලිය කළමනාකරණයේදී ගැටලූ මතුවිම
x සෑම ළමයෙකුම කැමති නොවිම

No comments:

Post a Comment